ලී ක්වාන් යූ අසාධ්‍ය තත්වයෙන්

Image copyright
Image caption වසර තිස් එකක කාලයක් අගමැතිවරයා වශයෙන් සිංගප්පුරුව පාලනය කරන ලද්දේ ලී ක්වාන් යු විසින්

සිංගප්පුරු වාසීන් ජාතියේ පියා ලෙස සලකන, එමෙන්ම සිංගප්පුරු දේශයේ නිර්මාතෘවරයා ද වන ලී ක්වාන් යු ඉතා තදබල ලෙස රෝගාතුර වී සිටින බව එරට රජය පවසයි.

වයස අවුරුදු 91 ක් වන ලී මසකට පමණ පෙර රෝහල් ගත කරනු ලැබුවේ දරුණු ලෙස නිව්මෝනියාව වැළඳී සිටීම හේතුවෙන්.

1959 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසු වසර තිස් එකක කාලයක් අගමැතිවරයා වශයෙන් සිංගප්පුරුව පාලනය කරන ලද්දේ ලී ක්වාන් යු විසින්.

ඔහු විසින් සිංගප්පුරුව ආසියාවේ ධනවත්ම රටවලින් එකක් බවට පත් කළ ද මානව හිමිකම් සංවිධාන විසින් ඔහුව විවේචනයට ලක් කරනු ලැබුවේ දේශපාලනික සහ සාමාජීය නිදහස නොතිබූ බව පවසමින්.