චීන පාලනයේ තවත් ඉහල නිලධාරියකුට දූෂණ චෝදනා

Image copyright Getty

චීන බලධාරීන් විසින් එරට රාජ්‍ය වත්කම් භාර ප්‍රධාන මෙහෙයුම් කරු ජියැන්ග් ජියෙමින්ට එරෙහිව අල්ලස් සහ බලය අයුතු ලෙස පාවිච්චි කිරීමේ චෝදනා මත නඩු පවරා තිබේ.

දූෂණ චෝදනා වලට ලක් වී සිටින චීන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතරට එක්වූ අලුත්ම පුද්ගලයා ඔහුයි.

චීන ජනාධිපති සී ජින්පින් විසින් දූෂණ මැඩලීමේ ක්‍රියාදාමයේ ආරම්භ කරනු ලැබ ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙසයි දූෂිත චීන නිලධාරීන්ට එරෙහි චෝදනා ඉදිරිපත් කෙරෙන්නේ.

චීන රජයේ නීතිපතිවරයා පවසන්නේ ජියැන්ග් ජියෙමින්ගේ මාසික වියදම ඔහු විසින් නීත්‍යානුකූලව උපයන ආදායමට වඩා ඉහල එකක් වන අතර තමාට අමතර මුදල් ලැබෙන ආකාරය හෙළි කිරීමට ඔහු අසමත් වූ බවයි.

ජියැන්ග් ජියෙමින් සහ අපකීර්තියට පත් වී සිටින ආරක්ෂක ප්‍රධානී සෝයු යෝන්ග්කැන්ග් සමීප සම්බන්ධතා පැවැති හෙළි වී ඇති අතර සෝයු යෝන්ග්කැන්ග් මේ වන විට දුෂණ චෝදනා මත පරීක්ෂණ වලට මුහුණ දෙමින් සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර