කඩා වැටුණු ජර්මානු යානය: සෝදිසි මෙහෙයුම් දිගටම

Image copyright AP

ඇල්ප්ස් කඳුකරයට කඩා වැටුණු ජර්මානු ගුවන් යානයේ නියමු මැදිරිය තුළ තිබූ හඬ පටිගත කෙරෙන උපකරණයට හානි සිදුවී ඇති බව ප්‍රංශ බලධාරීහු පවසති.

නමුත් යානය කඩා වැටීමට හේතුව සොයා ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු මෙම උපකරණය මගින් ලබා ගත හැකි වනු ඇති බවට ඔවුහූ විශ්වාසය පළ කරති.

Image copyright Reuters

ජර්මන් ලුෆ්තාන්සා (Lufthansa) ගුවන් සේවයට අනුබද්ධ ‘ජර්මන් වින්ග්ස්’ ගුවන් සේවයට අයත් යානය අඟහරුවාදා ඇල්ප්ස් කඳුකරයට කඩා වැටෙද්දී එහි මගීන් 150 දෙනෙකු සිටි අතර එහි සිටි සියලු දෙනා මරණයට පත් වී තිබේ.

මිය ගිය අයගෙන් හැට හත් දෙනෙකුම ජර්මන් ජාතිකයන් වන බවට බලධාරීන් විශ්වාස කරන අතර එම පිරිසට පාසල් ශිෂ්‍යයන් දහ සය දෙනෙකුද සිටින බවයි වාර්තා වන්නේ.

Image copyright BBC World Service

මීට අමතරව ස්පාඤ්ඤ ජාතිකයන් හතළිස් දෙනෙකුට අධික පිරිසක් මෙම A320 එයාර් බස් යානයේ සිටි බවට විශ්වාස කෙරෙයි.

අනතුරට ලක් වන විට ගුවන් යානය බාර්සිලෝනා (Barcelona) සිට ඩසල්ඩෝෆ් (Duesseldorf) දක්වා ධාවනය වෙමින් තිබුණ අතර එය කඩා වැටීමට පෙර අවදානම දනවන පණිවුඩයක් යවා ඇති බවට වාර්තා වෙයි.

Image copyright AFP

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර