නෙදර්ලන්තයේ ඇති බුද්ධ ප්‍රතිමාවට චීනය අයිතිය කියයි

Image copyright AFP
Image caption මැලේසියාවේ ක්වාලාලම්පුර් නුවර විහාරස්ථානයක බුද්ධ ප්‍රතිමාවකට පඬුරු පූජා කරන බැතිමතෙක්

පුරා වස්තු රැස් කරන නෙදර්ලන්ත ජාතිකයෙකු සතු පෞරාණික බුද්ධ ප්‍රතිමාව චීනයෙන් සොරකම් කල එකක් බවට ඔප්පු කළ හොත් එය නැවත භාර දීමට සුදානම් බව එම නෙදර්ලන්ත ජාතිකයා පවසයි.

වසර දහස් ගණනක් පැරණි මෙම බුද්ධ බුද්ධ ප්‍රතිමාව තුළ චීනයේ ගෞරවයට පාත්‍ර වූ බෞද්ධ භික්ෂුවකගේ ධාතු ගබඩා කර තිබේ.

බුදු රුව රුපවාහිනිය ඔස්සේ දුටු චීන ජාතිකයන් පිරිසක් කියා සිටියේ එම ප්‍රතිමාව මීට වසර විස්සකට පෙර ෆුජියාන් ප්‍රාන්තයේ පන්සලක තිබී අස්ථාන ගත වූ බවයි.

මෙම බුද්ධ ප්‍රතිමාව නැවත ලබා ගැනීම සඳහා චීන බලධාරීහු මේ වන විට ලිය කියවිලි සකස් කරමින් සිටිති.