ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහ පාර බසයක් ගිල ගනී

බ්‍රසීලයේ මගී බස් රථයක් ගමන් කරමින් තිබියදී මාර්ගය ගිලා බසින ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට එක් වී තිබේ.

බස් රථය එකී ආවාටය තුළට ඇද වැටෙන අතර මාර්ගයට යටින් ගලා යන ජල පහරට හසු වී මගීන් සහිත බස් රථය ඉදිරියට ගසා ගෙන යන ආකාරය මෙම වීඩියෝ පටයෙන් දැක්වෙයි.

අනතුරුව මගීන් සියලු දෙනා බේරා ගන්නා අතර කිසිවෙකුට තුවාල සිදුවී නැති බවයි වාර්තා වන්නේ.