ඉන්දියාවේ 'හොරා පොලිස් දාහක් අත්අඩංගුවට'

Image copyright AFP

වංචනික ලෙස ඉන්දීය පොලිස් සේවයට බැඳීමට උත්සාහ කළ දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගත් බව බිහාර් ප්‍රාන්ත පොලිසිය පවසයි.

ශාරීරික යෝග්‍යතාව මැන බලන අනිවාර්ය පරීක්ෂණය සඳහා ඉදිරිපත් වී නොමැති සැබෑ අයදුම්කරුවන් ඒ සඳහා කුලියට ගත් වෙනත් පුද්ගලයන් ඉදිරිපත් කර ඇති බව බලධාරීහු කියා සිටිති.

අලුතින් පොලිස් සේවයට බඳවා ගැනීම සඳහා පවත්වන ලද පරීක්ෂණයට ඉදිරිපත් වූ අයදුම්කරුවන් විසින් ව්‍යාජ ලිපිලේඛන සකස් කර ඇති බවත් ප්‍රාන්ත පොලිසිය සඳහන් කළේය.

ප්‍රශ්න පත්‍ර වංචාවකට සම්බන්ධ තුන්සිය දෙනකු බලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බව මීට සති කිහිපයකට පෙරද බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා විය.

වාර පරීක්ෂනයක් අතරතුර පාසල් සිසුන්ට උත්තර පත්‍ර ලබා දී වංචා කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් වූ බොහෝ දෙනෙක් සිසුන්ගේ දෙමව්පියෝ වූහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර