කාශ්මීරයේ ගංවතුර අනතුරුක්

Image copyright EPA

පවතින තද වැසි සහ ජෙලුම් නදියේ ජල මට්ටම ඉහළ යෑමත් සමග ඉන්දීය පරිපාලනයේ පවතින කාශ්මීරයේ ගංවතුර ආපදාවක් පිළිබඳ අනතුරු හැඟවීමක් නිවේදනය කර තිබේ.

ජෙලුම් නදිය අවට වෙසෙන ශ්‍රිනගර්හි වැසියන්ට සිය නිවෙස් අතහැර ආරක්‍ෂිත ස්ථාන කරා යන මෙන් බලධාරීහු දන්වා සිටිති.

Image copyright AFP
Image copyright AFP

නාය යෑම්වලට හසු වී නිවාස කිහිපයක් යට වීමෙන් පසු පුද්ගලයන් දස දෙනෙකු අතුරුදහන් වී තිබේ.

පසුගිය සැප්තැම්බරයේදී ඉන්දීය පරිපාලනයේ පවතින කාශ්මීරයේ “වසර පනහකට පසු ඇති වූ දරුණුතම ගංවතුරට” හසු වී පුද්ගලයන් දෙසීය පනහකට වැඩි දෙනෙක් මිය ගියහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර