රුසියානු ධීවර යාත්‍රාවක් ගිලී පනස් හතරක් මරුට

Image copyright WWW.MCHS.GOV.RU

රුසියානු ධීවර යාත්‍රාවක් ගිලී යාමෙන් එහි සිටි සේවකයන් පනස් හතර දෙනෙකු පමණ මිය ගොස් තිබේ.

මෙම ට්‍රෝලර් යාත්‍රාව අනතුරට පත් වී ඇත්තේ රුසියාවේ නැගෙනහිර සාගර කලාපයේදී.

විනාඩි පහළොවක් ඇතුළත මෙම ට්‍රෝලර් නෞකාව මූදුබත් වී ඇති අතර ඒ මොහොතේදී එකසිය හැට දෙදෙනෙකු එහි සිටි බවයි වාර්තා වන්නේ.

ඒ ආසන්නයෙන් යාත්‍රා කළ අනෙකුත් ධීවර බෝට්ටු මගින් අධික ශීතල ජලයේ සිටි හැට තුන් දෙනෙකු ගේ ජීවිත බේරා ගෙන ඇති අතර තවත් පහළොස් දෙනෙක් තවමත් අතුරුදහන් වී සිටිති.

ඔවුන් සොයා ගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් ආරම්භ වී තිබේ.

මෙම යාත්‍රාව අයිස් කුට්ටියක හැපීම නිසා අනතුරට පත් වී ඇතැයි මුලදී වාර්තා වූ නමුත් බලධාරීන් දැන් විශ්වාස කරන්නේ ඔරොත්තු නොදෙන ප්‍රමාණයට බර පැටවීම නිසා එය ගිලී ඇති බවයි.