කෙන්යාවේ සිසු ඝාතනයට පස් දෙනකු අත්අඩංගුවේ

Image copyright bbc

අල් ශබාබ් කැරලිකරුවන් විසින් කෙන්යාවේ විශ්ව විද්‍යාලයක සිසුන් 140 දෙනෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම ඝාතන සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයන් කෙන්යාවේ නැගෙනහිරින් පිහිටි ගරිස්සා (Garissa) නගරයේ සිටින බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

සැලසුම් සහගතව මුස්ලිම් ජාතිකයන් ඝාතනයට ලක් කෙරෙන බව පවසන අල් ශබාබ් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කෙන්යාවේ දිගු කාලීන සහ බිහිසුනු යුද්ධයක් ගෙන යන බවයි.

මේ ප්‍රහාරයෙන් බේරුණු සිසුන් බස් රථ මගින් ඔවුන්ගේ ගම්මානවලට ප්‍රවාහනය කිරීම ආරම්භවී ඇත.

පැය පනහක් පුරා කබඩ් එකක් තුළ සැඟවී දිවි ගලවා ගත් සිසුවියක් අද, සෙනසුරාදා හමු වී තිබේ .

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර