පිලිපීනයට යලිත් කුණාටු බියක්

Image copyright AP
Image caption මින් පෙර වතාවේ පිලිපීනයේ හැගුපිට් කුණාටුවෙන් නිවෙස් සුන් බුන් වී තිබුණු අයුරු

කුණාටුවක් පිළිබඳ අනතුරු ඇඟවීමත් සමග නිලධාරීන් විසින් පිලිපීනයේ වෙරළාසන්න ප්‍රදේශවල පදිංචි 20,000 කට අධික පිරිසක් එම ප්‍රදේශ වලින් ඉවත් කර යවා තිබේ.

තාවකාලික රැඳවුම් ස්ථාන වල හදිසි අවස්ථාවක දී ප්‍රයෝජනය සඳහා බලධාරීන් විසින් අහාර සැපයුම් තොග වශයෙන් රැස් කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

මයිසැක් (Maysak) නමින් හඳුන්වා ඇති මෙම කුණාටුව ඉසබෙලා සහ ඖරෝරා යන පිලිපීනයේ උතුරු පළාත් හරහා හමා යනු ඇති බවටයි අපේක්ෂා කරන්නේ.

කුණාටුවේ වේගය දුර්වල වෙමින් පැවතුණ ද පැයට කි.මී. 160 ක වේගයෙන් සුළං හැමීමේ අවදානමක් අපේක්ෂා කරන අතර මීටර දෙකක් උස රැළි නැගිය හැකි බවයි සඳහන් වන්නේ.

මෙයට මාස 18 කට පෙර පිලිපීනය හරහා හමා ගිය හයියන් (Haiyan) කුණාටුව හේතුවෙන් 7000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර