හිටපු අගමැතිනි කලීඩා ෂියාට ඇප

Image copyright AFP

බංග්ලාදේශ විපක්ෂ නායිකා කලීඩා ෂියාට ඇප ලබා දෙන මෙන් එරට දූෂණ විරෝධී අධිකරණයක් නියෝග කර තිබේ.

අගමැති ධුරයේ සිටියදී සමාජ ශුභසාධන ආයතන දෙකකට අයත් මුදල් වංචා සහගත ලෙස සඟවා ගෙන සිටි බවට කලීඩා ෂියාට චෝදනා එල්ල වේ.

දේශපාලන වාසි තකා විරුද්ධ පාක්ෂිකයන් විසින් තමාට එවැනි චෝදනා එල්ල කරන බවයි හිටපු අගමැතිවරිය කියා සිටියේ.

බංග්ලාදේශ විපක්ෂ නායිකා කලීඩා ෂියා අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය පෙබරවාරි මාසයේදී නියෝග කෙරුණේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් පැවති නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර