ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බංග්ලාදේශයේ කුණාටුවලට හසු වී තිස්පහක් මරුට

බංග්ලාදේශයේ වයඹ ප්‍රදේශය හරහා හමා ගිය කුණාටු කිහිපයකට හසු වී තිස්පස් දෙනෙක් මරුමුවට පත් වෙති.

එම ප්‍රදේශයේ පිහිටි නිවෙස් සම්පුර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති අතර අවට පිහිටි ගස් කඩා ඉදිරී වැටී ඇති බව බලධාරීහු පවසති.

පසුගිය දින කිහිපයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි හානියට පත් ප්‍රදේශවලට හදිසි සහනාධාර ලබා දෙමින් සිටින බවයි සහන සේවකයන් කියා සිටියේ.

මෝසම් කාලය එළඹීමට මත්තෙන් නිතර හමා යන කුණාටුවලට බොහෝ විට මුහුණ දීමට බෙංගාල බොක්ක ආසන්නයේ පිහිටි බංග්ලාදේශයට සිදු වේ.