ඕස්ට්‍රේලියානුවන් දෙදෙනාට 'මරණ දඬුවම ස්ථීරයි'

Image copyright Reuters

ඉන්දුනීසියාවේදී මත් ද්‍රව්‍ය ජාවාරම් කළ බවට වරදකරුවන් වූ ඕස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනාට ලබා දුන් මරණ දණ්ඩන තීන්දුව අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචනය ඉන්දුනීසියානු අධිකරණයක් ප්‍රතික්ෂේප කරයි.

වරදට සමාව ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විදෝදෝ ගත් තීන්දුව මයුරන් සුකුමාරන් සහ ඇන්ද්රු චෑන් යන ඕස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනා විසින් අභියෝගයට ලක් කරනු ලැබීය.

නමුත් ජනාධිපතිවරයා ගත් තීන්දුව ප්‍රශ්න කිරීමට වරදකරුවන්ට බලයක් නොමැති බවයි විනිසුරුවරුන් කියා සිටියේ.

දෙදහස් පහ වසරේදී ඉන්දුනීසියාවේ ‘බාලි’ දූපතේ සිට ඔස්ට්‍රේලියාවට ‘හෙරෝයින්’ ජාවාරම් කිරීමට උත්සාහ කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානුවන් දෙදෙනා වරදකරුවෝ වූහ.

මරා දැමීම පිණිස සුදානම් කිරීම සඳහා ඕස්ට්‍රේලියානුවන් දෙදෙනා ඉන්දුනීසියානු දූපතකට මාරු කර යැවීමට මීට පෙර කටයුතු යොදා තිබිණි.

තීන්දුව අභියෝගයට ලක් කරමින් නැවත අභියාචනයක් ගොනු කරන බව ඕස්ට්‍රේලියානුවන් දෙදෙනාගේ නීතිවේදීහු පවසති

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර