ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සිම්බාබ්වේ: අලි 'රට පටවන්න එපා'

චීනය සහ ඩුබායි රාජ්‍යයට අලි පැටවුන් විකිණීම නතර කරන ලෙස ඉල්ලා සිම්බාබ්වේ ආණ්ඩුව වෙත එල්ල වන පීඩනය ඉහළ යමින් තිබේ.

සිම්බාබ්වේහි සිදු කෙරෙන අලි ඇතුන් අපනයන වෙළදාම, වනජීවී සංරක්ෂණ සංවිධානවල දැඩි විවේචනයට ලක් වේ.

‘අලි ඇතුන් පිටරටට විකුණනවාට මම විරුද්ධයි. මොකද මේ සතුන් අයිති අප්‍රිකාවටයි. ඒක අපේ උරුමය. අලි ඇතුන් අපේ අනාගත පරපුරේ උරුමය. චීනය හෝ ඩුබායි වගේ රටවලට මේ සතුන් අපනයනය කිරීම අමානුෂික සහ කුරිරු ක්‍රියාවක්. මොකද ඒ රටවල දේශගුණය සහ පරිසරය අලින්ට කිසිසේත්ම සුදුසු නැහැ’ සිම්බාබ්වේ වනජීවී සංරක්ෂණ ආයතනයේ සභාපති ජෝන් රොද්‍රිගෝස් කියා සිටියේය.

නමුත් සිම්බාබ්වේ පිහිටි වන උද්‍යාන තුළ ඉඩකඩ ඇත්තේ අලි ඇතුන් එක් ලක්ෂ පනස් දහසකට පමණක් බැවින් අලි ඇතුන් අපනයනය අත්‍යවශ්‍ය කරුණක් බවයි එරට ආණ්ඩුව පවසන්නේ.