ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මිෂෙල් ඔබාමා සමූහ නර්තනයක

පසුගිය සඳුදා ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ගේ බිරිඳ මිෂෙල් ඔබාමා ෆොක්ස් TV නැටුම් කණ්ඩායමත් සමග ‘So you think You can dance’ නමැති නැටුම් සංදර්ශනයේ දී නර්තනයක යෙදීම ලොව පුරා ජන මාධ්‍ය වල විශේෂ අවධානයට ලක් වී තිබුණි.

සෞඛ්‍ය සම්පන්න ලෙස ආහාර ගැනීම සහ ශරීර අභ්‍යාසයන් හි යෙදීමට ළමයින් පෙළඹවීමේ ක්‍රියාකාරකමක් ලෙස ඇය විසින් පවත්වාගෙන යන “Let’s move !” නම් වැඩ සටහනේ පස් වැනි සංවත්සර සැමරුමේ දීය ඇය මෙසේ වේදිකාව මත රංගනයට එක් වුයේ.

ධවල මන්දිරයේ වාර්ෂිකව පැවැත්වෙන South Lawn Easter Celebrations නමැති පාස්කු උත්සවය දස දහස් ගණන් පිරිස් සහභාගී වන උත්සවයකි.

ළමා සෞඛ්‍ය නැංවීමේ තම වැඩසටහන පිලිබඳව රූපවාහිනී වැඩසටහන ක දී අදහස් දැක් වූ මිෂෙල් ඔබාමා පැවසුවේ ආරම්භයට වඩා පැහැදිලි වෙනසක් තමා මේ වැඩසටහන තුළින් දකින බවයි.

“අවුරුදු පහකට ඉස්සර මිනිස්සු මා දිහා බැලුවේ මම මහ පිස්සු වැඩක් කරනවා කියල. ඔවුන් කිව්වේ ළමයින්ගේ තරබාරු බව ඔය කියන තරම් ප්‍රශ්නයක් නොවෙයි කියල. එත් අද අපට පැහැදිලි වෙනසක් පෙනෙනව. දැන් පාසල් වල අහාර වේලට සෞඛ්‍ය සම්පන්න අහාර එකතුවෙලා. ග්‍රොසරි වල සෞඛ්‍ය සම්පන්න කෑම අලෙවි කරන්න තියනව. ඒ වයේ මිලත් අඩුකරල. පාසැල් වල සලාද ලබාදීම සිදුවෙනව. ළමයි හොඳ ක්‍රියාශීලිව ඉන්නව” යනුවෙන් ඇය පැවසුවාය.