‘අයිස්’ ගැන අපරාධ කොමිසමෙන් වාර්තාවක්

Image copyright EPA

වැඩිවෙමින් පවතින ක්‍රිස්ටල් මෙත් (crystal meth) නමැති මත්ද්‍රව්‍යය භාවිතය මැඩපැවැත්වීම සඳහා ඔස්ට්‍රේලියාව විසින් ජාතික කාර්ය බලකායක් පිහිටුවනු ලැබ තිබේ.

වෙනත් ඕනෑම නීති විරෝධී මත් ද්‍රව්‍යයකට වඩා ‘අයිස්’ නමින් ද හැඳින්වෙන මෙම මත් ද්‍රව්‍යය මගින් සමාජයට හානි සිදුවන බව ඕස්ට්‍රේලියානු අපරාධ කොමිසමේ වාර්තාවක් මගින් පෙන්වා දීමෙන් පසුවයි මෙම මර්ධන ඒකකය පිහිටුවා ඇත්තේ.

ඔස්ට්‍රේලියාව ලෝකයේ වඩාත් ම ඉහළ ක්‍රිස්ටල් මෙත් (crystal meth) භාවිතය පවතින රටවලින් එකක් බවයි පැවසෙන්නේ.

Image copyright

ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් මෙම මත්ද්‍රව්‍යයේ අනතුරු දායක බව අවධාරණය කළේ එය අනෙකුත් සියලුම මත්ද්‍රව්‍ය ඉක්මවා යන බව පවසමින්.

“මේ අයිස් කියන මත් ද්‍රව්‍යයේ ප්‍රශ්නය තියෙන්නෙ කලින් පැවති ඕනෑම මත් ද්‍රව්‍යය කට වඩා එහි භයානක බව සහ ඇබ්බැහි වීමේ හැකියාව වැඩියි. ඒක හෙරොයින් වලටත් වඩා භයානකයි. කොකේන් වලට වඩා භයානකයි ඒ වගේම එල් එස් ඩී වලටත් වඩා භයානකයි” යනුවෙන් ඔහු පැවසීය.

වයස 13 ට වැඩි ඕස්ට්‍රේලියානු ජාතිකයන්ගෙන් 07% ක් පවසන්නේ ඔවුන් ජීවිතයේ එක් වරක් හෝ මෙම මත් ද්‍රව්‍යය අත් හදා ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර