මාවෝ සේතුංට අපහාස කළ මාධ්‍යවේදියාට දඬුවම්

Image copyright Reuters
Image caption ජනප්‍රිය රුපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන බි ෆියුජියන්

චීනයේ සමාජවාදී විප්ලවයේ පියා වශයෙන් හඳුන්වන මාවෝ සේතුංගේ චරිතයට අපහාස වන වීඩියෝ පටයක් අන්තර්ජාලයේ පළ කිරීම හේතුවෙන් ජනප්‍රිය රුපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන බි ෆියුජියන් තාවකාලිකව සේවයෙන් ඉවත් කර තිබේ.

රාත්‍රි භෝජන සංග්‍රහයක දී බි ෆියුජියන් විසින් චීනයේ සමාජවාදී සමයේ නිෂ්පාදිත ඔපෙරා ගීතයක් මාවෝ සේතුං අපහාසයට ලක් වන ආකාරයට වචන වෙනස් කර ගායනා කරන ආකාරය එම වීඩියෝ පටයෙන් දැක්වේ.

බි ෆියුජියන් විසින් ගායනා කළ ගීතයෙන් ප්‍රකාශ වන්නේ නව චීනයේ නිර්මාතෘ මාවෝ සේතුං චීන ජාතිය ජයග්‍රහණය කරා නොව අවාසනාව කරා යොමු කළ බවයි.

Image copyright AFP

CCTV චීන රාජ්‍ය රුපවාහිනි සේවය විසින් බි ෆියුජියන්ට දින හතරක වැඩ තහනමක් පනවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව ප්‍රකාශ කර ඇත.

බි ෆියුජියන් විසින් ඉදිරිපත් කරනු ලබන චීන අලුත් අවුරුදු උත්සව වාර්ෂික විකාශනය ලොව වැඩිම දෙනෙකු විසින් නරඹන රුපවාහිනි වැඩසටහනයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර