ඉන්දීය පරිඝනක සේවයේ විශාලතම මූල්‍ය වංචාව හෙළි වෙයි

Image copyright AP
Image caption සමාගමේ හිටපු සභාපතිවරයා වන රාමලිංග රාජු

ඉන්දියාවේ පළමු පෙළේ පරිඝනක සේවා සමාගමක ආරම්භකයා මෙන්ම එහි හිටපු සභාපතිවරයා වන රාමලිංග රාජු ඇතුළු කණ්ඩායමක් විශාල මූල්‍ය අපචාරයකට වරදිකරුවන් කොට ඇත.

ඉන්දීය පරිඝනක සේවා ක්‍ෂේත්‍රයේ සිදු කරන ලද විශාලතම මුදල් වංචාව ලෙසයි මෙය සැලකෙන්නේ.

රාමලිංග රාජු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වන සමාගමේ සේවා බලධාරීන් ඇතුළු නම දෙනෙකු ඉහත කී මුදල් වංචාව සිදු කළ බව පිළිගෙන තිබේ.

වංචාව සිදු කර ඇත්තේ ගිණුම් පොත් වාර්තා වල සමාගම් ලාභ ඩොලර් බිලියනයකට අධික මුදලක් බවට වංචා සහගත ලෙස සකස් කිරීමෙන් බවයි වැරදි කරුවන් පාපොච්චාරණය කර තිබෙන්නේ.

ව්‍යාජ ගිණුම් වලින් නිර්මාණය කර ගත් කොටස් මගින් හිටපු සභාපති රාමලිංග රාජු සහ ඔහුගේ සඟයන් ඩොලර් කෝටි හතරක මුදලක් උපයාගෙන තිබේ.

එළඹෙන සිකුරාදා වංචාවට වැරදි කරුවන් වන සමාගමේ හිටපු සභාපති සහ අනෙකුත් නිලධාරීන් නම දෙනාට හයිද්රාබාත් විශේෂ අධිකරණයක් මගින් දඬුවම් පැමිණ වීමට නියමිතයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර