ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මුම්බායි ප්‍රහාරයේ 'මොළ කරු' ඇප පිට නිදහස්

වසර දෙදහස් අටේ දී මුම්බායි නුවරට එල්ල වූ වෙඩි ප්‍රහාරය සැලසුම් කළ බවට චෝදනා ලැබ පකිස්තානයේ සිර ගත කර සිටි පුද්ගලයා ඇප පිට නිදහස් කරයි.

ලාහෝරයේ අධිකරණයක් විසින් නිකුත් කරනු ලැබූ නියෝගයකට අනුව ඇප පිට නිදහස් වූ සකි-යුර් රෙහ්මාන් ලඛ්වී දෙදහස් නවය වසරේ සිට සිර ගත කර සිටියේය.

දින තුනක් තිස්සේ මුම්බායි නගරයට එල්ල වූ ප්‍රහාරයට ගොදුරු වී එක සිය හැට දෙනෙකුට අධික පිරිසක් මිය ගොස් තිබුණි.

ඉන්දීය අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා කියා සිටියේ මෙම පුද්ගලයා නිදහස් කිරීම අවාසනාවන්ත සහ බලාපොරොත්තු කඩ කරවන සුළු දෙයක් බවයි.

නමුත් පකිස්තානු ආරක්ෂක විශ්ලේෂක බ්‍රිගේඩියර් සාද් මොහමඩ් කියා සිටියේ මෙම පුද්ගලයා නිදහස් කිරීම පිටුපස පකිස්තානු රජයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.