නිදහස වෙනුවෙන් භික්ෂුණී ජීවිතයක්

Image copyright AP
Image caption ටිබෙට් දේශයේ චීන පාලනයට එරෙහිව විරෝධතා පැවැත්වීම නිරතුරුව දකින්නට ලැබේ

චීන පාලනයට විරෝධය දැක්වීම පිණිස ටිබෙටයේ බෞද්ධ භික්ෂුණියක් තම සිරුරට ගිනි තබා ගෙන සිය දිවි හානි කර ගෙන තිබේ.

Image copyright AP
Image caption 2011 නොවැම්බරයේ දී ටිබෙටයේ තවත් භික්ෂුණියක් තම සිරුරට ගිනිතබා ගත් ආකාරය

ටිබෙට් දේශයේ චීන පාලනයට එරෙහිව විරෝධතා පැවැත්වීම වරින්වර සිදු වන අතර මෙය නවතම සිදුවීම බවයි වාර්තා වන්නේ.

ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමා ගෙන් නැවත පැමිණෙන ලෙස ඉල්ලා සිටි භික්ෂුණිය සිචුවාන් පළාතේ පිහිටි බෞද්ධ අසපුවට පිටත දී සිය සිරුරට ගිනි තබා ගෙන ඇති බවයි එරට මානව හිමිකම් ක්‍රියාධරයන් පැවසුවේ.

ඔවුන් පැවසුවේ පොලීසිය පැමිණ ගිනි දැල් නිවා දමා ඇගේ සිරුර රැගෙන ගිය බවයි.

පසුගිය වසර කිහිපය තුළ සියයකට වැඩි ටබෙට් ජාතිකයන් පිරිසක් චීනයේ දී ගිනි තබා ගත්තේ ආගමික සහ සංස්කෘතික වශයෙන් කෙරෙන වදහිංසා වලට විරෝධය දැක්වීමක් වශයෙන්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර