ජර්මන් ලේඛක ගුන්තර් ග්‍රාස් දිවියෙන් සමු ගනියි

Image copyright Reuters

නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලත් කීර්තිමත් ජර්මන් ලේඛක ගුන්තර් ග්‍රාස් දිවියෙන් සමු ගෙන තිබේ.

ඔහු මිය යන විට අසූ හත් වැනි වියේ පසු විය.

එක්දහස් නවසිය අනූ නවය වසරේ සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගයෙන් ගුන්තර් ග්‍රාස් පිදුම් ලැබීය.

නාසි පාලනය, යුද්ධයේ බිහිසුණු බව සහ ජර්මනියේ පශ්චාත් යුද සමය ඔහු අතින් ලියැවුණු බොහොමයක් කෘතිවලට පාදක වී තිබේ.

සිය උපන් ගම වූ වර්තමාන පෝලන්තයට අයත් ග්ඩාන්ස්ක් නගරය මුල් කර ගනිමින් ගුන්තර් ග්‍රාස් විසින් රචිත නවකතාවක් වූ ‘ද ටින් ටින් ඩ්‍රම්’ ප්‍රබන්ධය පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වේ.