ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සයිබීරියාවේ ලැව් ගින්නකින් පහළොවක් මරුට

සයිබීරියාවේ කකාසියා ප්‍රදේශයේ ඇති වූ ලැව් ගින්නකට හසු වී පහළොස් දෙනෙකු මරුමුවට පත් වී තවත් හාරසීයකට වැඩි පිරිසක් තුවාල ලබති.

ගින්නට හසු වී නිවාස දහසකට අධික සංඛ්‍යාවක් විනාශ වීමත් සමග නිවැසියන් පන්දහසකට පමණ උන් හිටි තැන් අහිමි වී තිබේ.

රුසියානු බලධාරීහු එම ප්‍රදේශයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළහ.

ගොවියන් විසින් තම වගා බිම් මත වූ තණ කොල පුළුස්සා දමනු ලැබීම හේතුවෙන් ගින්න ඇති වූ බවටද සැක පළ කෙරේ.