ඉරානය: ඉස්ලාමීය විප්ලවයෙන් පසු ප්‍රථම වරට තානාපතිවරියක්

Image copyright AFP
Image caption තානාපති ධුරයකට පත් වන දෙවන කාන්තාව ලෙස මාර්සියා ඇෆ්කාම් ඉරාන ඉතිහාසයට එක් වීමට නියමිතයි

එක්දහස් නවසීය හැත්තෑ නවය වසරේ සිදු වූ ඉස්ලාමීය විප්ලවයෙන් පසු ප්‍රථම වරට කාන්තාවක් තානාපති ධුරයකට පත් කිරීම සඳහා ඉරානය පියවර ගනියි.

ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශයේ වර්තමාන මාධ්‍ය ප්‍රකාශකවරිය ලෙස කටයුතු කරන මාර්සියා ඇෆ්කාම්, තානාපති සේවයේ යෙදීමට නියමිත රට සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු ලැබී නැති බවයි එරට ප්‍රවෘත්ති සේවයක් සඳහන් කළේ.

ඉරානයේ සිටින ඉහළ පෙළ කාන්තාවන් අතරින් මාර්සියා ඇෆ්කාම් පොදු ජනතාව අතර ජනප්‍රිය චරිතයක් ලෙස සැලකේ.

තානාපති ධුරයකට පත් වන දෙවන කාන්තාව ලෙස ඇය ඉරාන ඉතිහාසයට එක් වීමට නියමිතයි.

හැත්තෑව දශකයේදී මෙහෙරන්ගීස් දොලට්ශාහි ඩෙන්මාර්කයේ ඉරාන තානාපතිවරිය වශයෙන් කටයුතු කළාය.

කාන්තා අයිතීන් ඉහළ නංවන බවට දෙදහස් දහතුන වසරේ සිය ජනපති ප්‍රචාරණ ව්‍යාපාරයේදී වත්මන් ජනාධිපති හසන් රොහානි ප්‍රතිඥා දුන්නේය.