හරප්පාවේ තවත් මානවයන් සිව් දෙනෙක්

Image copyright manoj
Image caption මෙම ඇටසැකිලි ඉතා හොඳින් සංරක්ෂණය වී ඇති බවයි ප්‍රවිද්‍යාඥයින් පවසන්නේ

ඉන්දියා මහාද්වීපයේ පැරණිතම ශිෂ්ඨාචාරයට අයත් යැයි සැලකෙන මානව ඇටසැකිලි හතරක් සොයා ගත් බව ඉන්දියාවේ පුරාවිද්‍යාඥයෝ පවසති.

මෙම ඇටසැකිලි වසර හාරදහසක් පමණ පැරණි හරප්පා ශිෂ්ඨාචාරය ට අයත් බවටයි වාර්තා වන්නේ.

වැඩිහිටි පිරිමි දෙදෙනෙකු ගේ සහ එක් කාන්තාවකගේත් එසේම කුඩා දරුවකුගේ ගේද ඇටසැකිලි මෙසේ සොයාගෙන ඇත්තේ ඉන්දියාවේ උතුරින් පිහිටි හර්යානා ප්‍රාන්තයෙන්.

මෙම ඇටසැකිලි ඉතා හොඳින් සංරක්ෂණය වී ඇති බව විස්තර කරන ප්‍රවිද්‍යාඥයින් ඒවායේ DNA පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බවයි පවසන්නේ.

අධ්‍යාපනඥයින් පවසන්නේ මෙම සොයා ගැනීම හරප්පා වාසීන් හඳුනාගැනීම වෙනුවෙන් විශාල ආලෝකයක් සපයන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර