ඉන්දීය හමුදා වෙඩි තැබීමකින් තරුණයෙක් මියයයි

Image copyright Reuters
Image caption අත් අඩංගුවට ගනු ලැබූ බෙදුම්වාදී නායක මසරත් අලාම්

බෙදුම්වාදී නායකයෙකු අත් අඩංගුවට ගැනීමත් සමග විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර හට ගෙන තිබෙන ගැටුමෙහි දෙවන දිනයේ දී ගැටවර වියේ තරුණයකු මරා දමනු ලැබ ඇති බව ඉන්දීය රජයේ පාලනයේ පවතින කාශ්මීර පොලීසිය පවසයි.

විරෝධතාකරුවන් ගල් මුල් වලින් ආරක්ෂක හමුදාවට පහර දෙන්නට පටන් ගත් විට ආරක්ෂක හමුදාව විසින් විවෘත වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබ ඇති බවයි නිලධාරීන් පවසන්නේ.

පකිස්තානයට සහයෝගය පළ කෙරෙන සටන් පාඨ සහිත පුවරු ඔසවමින් ඉන්දීය විරෝධී පාගමනක් සංවිධානය කිරීම හේතුවෙන් මසාරත් අලාම් අත් අඩංගුවට ගනු ලැබුවේ සිකුරාදායි.

බෙදුම්වාදීන් විසින් දියත් කරනු ලැබූ වැඩවර්ජනයකට ප්‍රතිචාර දක්වමින් කඩසාප්පු, ව්‍යාපාර සහ පොදු ප්‍රවාහන සේවාවන් නවතා දමා තිබූ බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව සහ පකිස්ථානය යන දෙරට ම කාශ්මීරයට අයිතිවාසිකම් කියන අතර එහි අයිතිය වෙනුවෙන් පසුගිය වසර හැටක කාලය පුරා යුද වැදීම් දෙකක් සිදු වී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර