කොංග්‍රස් රැළියට ගොවීහු දස දහස් ගණනක් එක් වෙති

Image copyright Getty

කාර්මික ව්‍යාපෘතිවලට ඉඩම් අත්පත් කර ගැනීමේ නීති ලිහිල් කිරීම සඳහා වන ඉන්දීය ආණ්ඩුවේ සැලසුම්වලට විරෝධය පා පැවති කොංග්‍රස් පක්ෂ රැළියට ගොවීහු දස දහස් ගණනක් සහභාගී වෙති.

දිල්ලි අගනුවර පැවති රැළිය සංවිධානය කරනු ලැබ තිබුණේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය විසින්.

Image copyright Getty
Image caption 'ගොවීන්ට සහ දුප්පතුන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ගයක්'
Image copyright Getty
Image caption රැළියට එක් වී සිටි කොංග්‍රස් පක්ෂයේ උප සභාපති රාහුල් ගාන්ධි සහ එම පක්ෂයේ නායිකාව සෝනියා ගාන්ධි

ඉඩම් අත්පත් කර ගැනීම සඳහා වන නීති ලිහිල් කිරීමේ ආණ්ඩුවේ උත්සාහය කොංග්‍රස් පක්ෂයේ නායිකාව සෝනියා ගාන්ධි විසින් හඳුන්වනු ලැබුවේ ගොවීන්ට සහ දුප්පතුන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ගයක් ලෙසයි.

කාර්මික සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා වගා බිම් මිළදී ගැනීම පහසු කෙරෙන විධායක නියෝගයක් අගමැති මෝදීගේ ආණ්ඩුව විසින් සම්මත කර ගනු ලැබුවේ පසුගිය දෙසැම්බර් මාසයේදී.

යෝජිත නීති හරහා ගොවීන්ට සහ පිටිසරබද දිළිඳු වැසියන්ට අවාසි ගෙන දෙන බවයි පරිසර සංවිධාන ඇතුළු ක්‍රියාධරයින් පෙන්වා දෙන්නේ.