වහල් සේවයේ යොදවා සිටි දකුණු චීන වැසියෙක් හමුවෙයි

Image copyright Reuters
Image caption චීනයේ කපු පුළුන් කර්මාන්තයේ සේවය කරන අයෙක්

පුරා වසර 18 ක කාලයක් තම සේවා දායකයන්ගේ වදහිංසා වලට ලක්වෙමින් අගුළු දැමූ කුඩා කාමරයක දිවි ගෙවූ තිස් හතර හැවිරිදි පුද්ගලයෙක් දකුණු චීනයේ නිලධාරීන් විසින් බේරා ගනු ලැබ තිබේ.

ක්සි ෂි ෂෙන්ග් (Xie Shi-sheng) පැවසුවේ තම නිවසේ සිට ජියන්ෂි දිස්ත්‍රික්කයේ(Jiangxi) ගුන්දොන්ග් (Guangdong) හි ඇති කපු පුළුන් කම්හලකට තමා රැගෙන එනු ලැබුවේ වයස 16 දී බවයි.

එතැන් පටන් පිටත ලෝකය හා කිසිදු සබඳතාවකට ඉඩ නොතබමින් කුසගින්නේ සහ අනේකවිධ තාඩන පීඩන මැද මුළු දවස පුරා පුළුන් නිෂ්පාදන සකස් කිරීමේ තමන්ව යොදවා තිබුණු බවයි ඔහු පැවසුවේ.

වාර්තාවල දැක්වෙන ආකාරයට ඉතා අපහසුවෙන් කතා මෙම තරුණයාගේ චයාරුප වලින් පැහැදිලි වන්නේ ඔහු වැහැරුණු මුහුණකින් යුතු බවයි.

අදාළ සේවා දායකයන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.