නේපාලයේ දරුණු භුමි කම්පාවක්

Image copyright epa
Image caption මේ චලනය හේතුවෙන් සැලකිය යුතු පිරිසකට තුවාල සිදුවී ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.

නේපාලයේ බටහිර ප්‍රදේශයේ ඇති වූ තද බල භුමි කම්පාවකින් ජීවිත හානි, ගොඩනැගිලි වලට අලාභානි සිදූවීම් සහ පුද්ගලයන්ට තුවාල සිදුවීම් පිලිබඳ වාර්තා වී තිබේ.

භූ චලන මාපකයේ 7.9 ක අගයක් වාර්තා කළ මෙම චලනය සිදුවී ඇත්තේ අග නගරය වන කත්මන්ඩු සහ පොක්හාරා (Pokhara) නගරය අතරයි.

මේ චලනය හේතුවෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් සැලකිය යුතු පිරිසකට තුවාල සිදුවී ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.

Image copyright aep

නේපාලයේ තොරතුරු සන්නිවේදනය පිලිබඳ අමාත්‍ය මිනේන්ද්‍ර රිජාල් (Minendra Rijal) බීබීසී යට පැවසුවේ ගුර්හා (Gurha) සහ ලුමජුන් (Lumjung) යන ප්‍රදේශ වලින් වාර්තා වී ඇති අති විශාල විනාශය පිලිබඳ තොරතුරු සනාථ කර ගනිමින් සිටින බවයි.

විනාශ වී ගිය සාමාන්‍ය ගොඩනැගිලි වල සහ සියවස් ගණනාවක් පැරණි විහාරස්ථානයන් හි පින්තුර සමාජ වෙබ් අඩවි තුළට එක්කර ඇති බවයි වාර්තා වන්නේ.

Image copyright ashutosh

ජනතාවට එළිමහන් ස්ථාන වලට වී සිටින ලෙස නේපාල ගුවන් විදුලිය මගින් අනතුරු අඟවා ඇත්තේ තවත් කුඩා භූ චලනයන් සිදුවෙමින් පැවති හේතුවෙන්.

මෙම භූ චලනය හේතුවෙන් එවරස්ට් කන්දේ හිමකඳු කඩා වැටීමේ අවදානමක් පවතින බවයි සඳහන් වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර