නේපාල භූ චලනයෙන් අනතුරුව පසුකම්පන

Image copyright Reuters

නේපාලයේ ඊයේ ඇතිවූ භූමි කම්පාවෙන් පසු එවරස්ට් කඳු වැටියේ සහ ටිබෙටයේ පසු කම්පනයක් හට ගෙන තිබේ.

ටිබෙට් ජාතිකයින් 17 දෙනෙකු පමණ මිය ගොස් ඇති අතර දොළොස් දෙනෙකුට පමණ තුවාල සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

දස දහසක් පමණ පිරිස මේ වන විට ටිබෙටයේ අනතුරු කලාපයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

මේ අතර එවරස්ට් කඳු පාමුල පිහිටි ප්‍රධාන කඳවුරේ සිර වී සිටින සීයකට අධික එවරස්ට් කඳුකර වැසියන් එම කම්පනයෙන් භීතියට පත් වී සිටින බවයි පැවසෙන්නේ.

ඊයේ සිදු වූ කම්පනයෙන් කඳුකර වැසියන් 17 දෙනෙකු මරණයට පත් වූ නමුත් මේ දක්වා නව මරණ වාර්තා වී නැත.

එවරස්ට් ප්‍රධාන කඳවුරේ බරපතළ තුවාල ලැබ සිටි පුද්ගලයන් හෙලිකොප්ටර් මගින් ප්‍රතිකාර ලබා දීමට අසල ගමකට ගෙන ගොස් තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර