ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නේපාල භූමිකම්පාව: 'දරුවෝ දකින තුරු බයෙන් හිටියේ'

නේපාලයේ භූමිකම්පාවට මුහුණ දුන් සරසවි සිසුන් පිරිසක් සහ ක්‍රීඩා කණ්ඩායමක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණෙති.

හතළිස් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම පිළිගැනීම සඳහා සිසුන්ගේ දෙමව්පියන් ඇතුළු ඥාතීහු කටුනායක ගුවන් හමුදා මූලස්ථානයට පැමිණ සිටියහ.

‘අපිට අඩුම ගානේ ටෙන්ට් එකක්වත් මොකුත් නැහැ. රෑට වහිනකොට අපි ඒ වෙලාවේ හිටියේ හොදටම තෙමි තෙමී. ඉටි කොලයක් මුකුත්ම නැහැ’ නේපාලයේ සිට පැමිණි සිසුවියක් පැවසුවාය.

නිරුපද්‍රිත සිය දරුවන් දුටු දෙමව්පියෝ සතුටු කඳුළු වගුරූහ.

‘ළමයින්ට කරදරයක් නැතුව බුදුන්ගේ පිහිටෙන්, බුදුන්ගේ දේශෙන් අපේ ළමයි ගෙනත් දුන්නා. ගොඩක් ස්තුතියි’ සිසුවෙකුගේ පියෙක් කියා සිටියේ හැඩු කඳුලින්.

ගුවන් හමුදා ඉතිහාසයේ විදේශ රටකට ගොස් මෙවන් ගලවා ගැනීමේ මෙහෙයුමක් සිදු කල ප්‍රථම අවස්ථාව මෙය බවයි ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක ප්‍රකාශ කළේ.

නේපාලයේ සිට පැමිණ සිටි පිරිසට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂ දිවා භෝජන සංග්‍රහයක් සුදානම් කොට තිබුණි.