කිම් ජොන්ග් උන් ට එරෙහි වූවොත් දඬුවම මරණයද?

Image copyright AFP
Image caption උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්

තම නායකයා වන කිම් ජොන්ග් උන් (Kim Jong-un) ට විරුද්ධ වන්නන් අතුගා දැමීමේ පියවරක් ලෙස උතුරු කොරියාව විසින් මේ වසරේ දී පුද්ගලයන් පහළොස් දෙනෙකු මරා දමනු ලැබ තිබෙන බව දකුණු කොරියානු රහස් ඔත්තු සේවා නියෝජිත ආයතනය ප්‍රකාශ කරයි.

මෙසේ මරා දැමුවන් අතර උතුරු කොරියාවේ වන වගා සැලැස්ම පිලිබඳ විවේචනය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ද සිටින බවයි වාර්තා වී ඇත්තේ.

දකුණු කොරියාවේ නීති සම්පාදකයන් වෙත රහස් ඔත්තු සේවා නියෝජිත ආයතනය ලබා දුන් සාකච්ඡාවක දී ය මෙම පුවත හෙළි වී ඇත්තේ.

මෙම පුවත උතුරු කොරියාව විසින් සනාථ කර නොතිබුණ ද එරට නායකයන් මෙයට පෙර ද තමන්ට එරෙහි වුවන් මරා දැමීමෙන් නිදහස් වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර