ගුවන් ප්‍රහාර වලින් සිරියානු වැසියන් මරුට

Image copyright Reuters
Image caption ඇමරිකානු මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන හමුදා කණ්ඩායම් මෙම කලාපයේ සිටින ඉස්ලාම් රාජ්‍ය හිතවාදී කණ්ඩායම් වෙත ප්‍රහාර එල්ල කරමින් සිටින බව පැවසේ

ඇමරිකාවේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන ගුවන් ප්‍රහාර හේතුවෙන් සාමාන්‍ය වැසියන් පනහකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බව සිරියාවේ උතුරු ප්‍රදේශයෙන් ලැබෙන වාර්තා වලින් පැවසෙයි.

බ්‍රිතාන්‍යය පදනම් කොට ක්‍රියාත්මක වන සිරියානු මානව හිමිකම් විශ්ලේෂණයකින් පැවසෙන්නේ බිර්මහ්ල් (Birmahle) ගම්මානයට සිදුවූ එවන් ප්‍රහාරයක් හේතුවෙන් ඇතැම් පිරිස් තවමත් සුන් බුන් අතර සිරවී සිටින බවයි.

එහෙත් ඇමරිකානු මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන හමුදා කණ්ඩායම් මේ පිළිබඳව තවමත් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැත.

කෙසේවුවද මෑතක සිට ඔවුන්ගේ ගුවන් යානා මෙම කලාපයේ ඉස්ලාම් රාජ්‍ය හිතවාදී කණ්ඩායම් වෙත ප්‍රහාර එල්ල කරමින් සිටින බව ට වාර්තා වී තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර