තවත් සංක්‍රමණිකයන් 'පිරිසක් මුහුදට බිලි'

Image copyright AFP
Image caption මධ්‍යධරණි මුහුද තරණය කිරීමට උත්සාහ කළ සරණාගතයන් 1,750ක් පමණ මෙම වසර තුළ දී පමණක් මුහුද මැදදී අනතුරට ලක් වී මිය ගොස් තිබේ.

ඉතාලියේ සිසිලි දූපතට නුදුරු මධ්‍යධරණි මුහුදේ ගමන් ගත් බෝට්ටුවක සිටි සංක්‍රමණිකයන් පිරිසක් දියේ ගිලී මරුමුවට පත් වී ඇති බව ළමුන් සඳහා වූ ආධාර සංවිධානයක් පවසයි.

ලිබියාව සහ සිසිලිය අතර මුහුදේ යාත්‍රා කරමින් සිටි තම බෝට්ටුව දෙසට ගලවා ගැනීමේ යාත්‍රාවක් පැමිණෙනවාත් සමග එහි සිටි හතළිස් දෙනකු පමණ මුහුදට වැටුණු බව දිවි ගලවා ගත් පිරිස පවසා තිබේ.

ඉතාලි වෙරළාරක්ෂකයෙක් කියා සිටියේ කොපමණ පිරිසක් මුහුදේ ගිලී ඇත්දැයි යන්න ස්ථීර ලෙස ප්‍රකාශ කළ නොහැකි බවයි.

මධ්‍යධරණි මුහුද තරණය කිරීමට උත්සාහ කළ සරණාගතයන් 1,750ක් පමණ මෙම වසර තුළ දී පමණක් මුහුද මැදදී අනතුරට ලක් වී මිය ගොස් තිබේ.

මෙම සංඛ්‍යාව පසුගිය වසරේ එම කාල සීමාව තුළ මිය ගිය ප්‍රමාණය මෙන් විසි ගුණයක සංඛ්‍යාවක්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර