'මිනිස් ජාවාරම මුලිනුපුටා දමනවා' - තායි අගමැති

Image copyright epa

දින දහයක් තුළ තායිලන්තයේ සියලුම පුද්ගල ප්‍රවාහන ජාවාරම් අපරාධ මුලින් උපුටා දැමීමට අගමැති ප්‍රයුත් චාන් ඕචා විසින් නියෝගයක් නිකුත් කරනු ලැබ තිබේ.

තායිලන්ත සහ මැලේසියා දේශ සීමාවේ කැළයක වල දමා තිබූ මළ සිරුරු තිහක් පමණ සොයා ගැනීමෙන් අනතුරුවයි අගමැතිවරයා එම නියෝගය නිකුත් කර තිබෙන්නේ.

එම මළ සිරුරු මියන්මාර සහ බංග්ලාදේශ නීති විරෝධී සංක්‍රමණිකයන්ට අයත් බවයි සැක කෙරෙන්නේ.

තායිලන්ත බලධාරීන් පවසන්නේ වල දමා තිබූ සිරුරු සොයා ගැනීමත් සමග හෙළිදරව් වූ පුද්ගල ප්‍රවාහන ජාවාරම් සිදු කරන බවට සැක කෙරෙන තිප්පොළවල් වැටලීමට පනහකට අධික පොලිස් නිලධාරීන් යොදවා තිබෙන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර