ඉන්දුනීසියාවේ දේශපාලන සිරකරුවන් 5 කට නිදහස

Image copyright AFP
Image caption පැපුවා (Papua) හි ජනතාව පිළිබඳව රජය අනුගමනය කරන ඉතා තද ප්‍රතිපත්ති මානව හිමිකම් සංවිධාන වල දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ

වෙනම පාලනයක් ඉල්ලා දිගු කලක සිට විරෝධතා ව්‍යාපාර පැවැත්වෙමින් තිබෙන පැපුවා (Papua) ප්‍රාන්තය ට අයත් දේශපාලන සිරකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විදොදෝ (Joko Widodo) විසින් නියමකරනු ලැබ තිබේ.

එම පළාතේ සංචාරයක යෙදුණු ජනාධිපතිවරයා ස්වයංපාලන ගැටළුවට විසඳුමක් සෙවීමේ මුල් අදියරක් ලෙස මෙම සිරකරුවන් පස් දෙනා හට සමාව ප්‍රදානය කළ බවයි පැවසෙන්නේ.

නිදහස් සටනේ ධජයක් රැගෙන යාම හෝ ආණ්ඩු විරෝධී රැලියකට සහභාගී වීම වැනි හේතු මත පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම වැනි පැපුවා (Papua) හි ජනතාව පිළිබඳව රජය අනුගමනය කරන ඉතා තද ප්‍රතිපත්ති මානව හිමිකම් සංවිධාන වල දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර