රතු චතුරශ්‍රයේ යුද සැමරුම

Image copyright n
Image caption පසුගිය දශකය තුළ ජාත්‍යන්තර සහයෝගීතාවය පිලිබඳ මුලික ප්‍රතිපත්ති නොසලකා හැර ඇති බවටයි රුසියානු ජනාධිපතිවරයා පවසන්නේ

දෙවන ලෝක යුද්ධයේ දී නාසි ජර්මනිය පරදා ජයගැනීමේ 70 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් රුසියාව මොස්කව් රතු චතුරශ්‍රයේ දී තම යුද බලය පෙන්වන අති විශාල හමුදා පාගමනක් පැවැත්වීය.

බොහෝ බටහිර නායකයන් මෙම සැමරුමට සහභාගී නොවූයේ යුක්රේන අර්බුදයට රුසියාවේ ඇති මැදිහත්වීමට විරෝධය පල කිරීමක් වශයෙන්.

ප්‍රධාන ආරාධිතයා ලෙස චීන ජනාධිපති ශි ජින් පිං උත්සවයට පැමිණ සිටියේය.

Image copyright EVN

රුසියානු ජනාධිපති ව්ලදමීර් පුතින් දෙවැනි ලෝක යුද්ධයේ දී රුසියාවට සහය දුන් යුරෝපයේ සහ ඈත පෙර දිග මිත්‍ර රටවලට තම ගෞරවය පුද කළේය.

එහෙත් පසුගිය දශකය තුළ ජාත්‍යන්තර සහයෝගීතාවය පිලිබඳ මුලික ප්‍රතිපත්ති සහ යුද්ධයෙන් පසු ලෝක පැවැත්ම නොසලකා හැර ඇති බවටයි රුසියානු ජනාධිපතිවරයා චෝදනා කළේ.