තුන්වැනි ධූර කාලය: බුරුන්ඩියේ උද්ඝෝෂණ දිගටම

Image copyright

බුරුන්ඩි රාජ්‍යයේ ජනාධිපතිවරයා (පියර් න්කුරුන්සීසා) තුන්වැනි වතාවටත් ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට එරෙහිව පවතින උද්ඝෝෂණවල දී දෙදෙනෙකු මිය ගොස් තිබේ.

උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුමක දී පොලිසිය එම දෙදෙනාට වෙඩි තැබූ බවයි සිද්ධිය දුටුවන් පවසන්නේ.

රජයේ නියෝගය මත උද්ඝෝෂණ විසුරුවා හැරීමට උත්සාහ කළ පොලිසියට තරුණයන් ගල් ගැසීමට පටන් ගත් බව එහි සිටි බීබීසී වාර්තාකරු කියා සිටියේය.

සති කිහිපයක් තිස්සේ පවතින විරෝධතා නිසා මේ වන විට උද්ඝෝෂකයන් විසි දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Image copyright Reuters