සංක්‍රමණිකයන් පන්සීයක් ඉන්දුනීසියානු වෙරළට

Image copyright AFP

නීති විරෝධී සංක්‍රමණිකයන් පන්සීය දෙනෙකු පමණ ඉන්දුනීසියානු වෙරළට පැමිණ තිබේ.

මෙම පිරිස බංග්ලාදේශයේ සහ බුරුමයේ සිට පැමිණ ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

ළමුන් සහ කාන්තාවන් ද සහිත මෙම පිරිස බෝට්ටු හතරකින් ඉන්දුනීසියාවට ගෙන එනු ලැබ ඇත්තේ ජාවාරම් කරුවන් විසිනි.

Image copyright AP

මෙම වසරේ මුල් තුන් මාසය ඇතුළත පමණක් බෙන්ගාල බොක්ක තරණය කර පැමිණි සරණාගතයන් ගේ සංඛ්‍යාව විසි පන්දහසක් වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

බුරුමයේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට කෙරෙන වධ හිංසා වලින් බේරීමටත් බංග්ලාදේශයේ පවතින දරිද්‍රතාවය නිසාත් මොවුහු අසල්වැසි රටවලට පලා යමින් සිටිති.