ඊජිප්තු සත්ව මමී තුළ 'රෙදි පමණයි'

පුරාණ ඊජිප්තුවට අයත් ඖෂධ ගල්වන ලද මළ සතුන්ගේ ‘මමී’ බොහොමයක් තුළ ඇත්තේ රෙදි කැබලි පණක් බව විද්‍යාඥයින් පිරිසක් සොයා ගෙන තිබේ.

X-කිරණ සහ ස්කෑන් යන්ත්‍ර භාවිතා කොට අටසීයකට අධික සංරක්ෂිත සත්ව ‘මමී’ පිරික්සනු ලැබ ඇති අතර ඒවායෙන් තුනෙන් එකක මළසිරුරු නොමැති බව පරීක්ෂණවල නිරත බ්‍රිතාන්‍ය විද්‍යාඥ කණ්ඩායම පවසති.

ඇතැම් විට මළසිරුරු සංරක්ෂණය කරන ‘මමී’ පිළියෙළ කරන්නන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට අපොහොසත් වී ඇති බවට විද්‍යාඥ කණ්ඩායම විශ්වාසය පළ කරති.

ආගමික වතාවත් සිදු කිරීමේදී පුරාණ ඊජිප්තු වැසියෝ මළ බළලුන්, කිඹුලන් ඇතුළු විවිධ සතුන්ට අයත් ‘මමී’ යොදා ගත්හ.