ජයලලිතා නිදහස්

Image copyright AFP

දූෂණ චෝදනාවලට වැරදිකාරිය කරනු ලැබ බන්ධනාගාර ගත කර සිටි තමිල්නාඩු හිටපු මහඇමතිනී ජයලලිතා ජයරාම් එම චෝදනාවලට නිර්දෝෂී වන බව කර්ණාටක මහාධිකරණය තීන්දු කරයි.

මහඇමති ධුරය හොබවමින් සිටි අවධියේ හෙළි නොකරන ලද ක්‍රියාමාර්ග වලින් ඇමෙරිකානු ඩොලර් කෝටියක පමණ මුදලක් උපයා ගැනීම සම්බන්ධයෙන් ඇය වරදකාරිය හැටියට තීන්දු කරන ලද්දේ පසුගිය සැප්තැම්බර් මාසයේදීයි.

ඒ සඳහා හිටපු මහඇමතිවරියට සිව් වසරක සිර දඬුවමක් නියම කෙරුණ අතර එම තීන්දුව නිශේධනය කරමින් තමිල්නාඩුවේ අසල්වැසි කර්ණාටක ප්‍රාන්තයේ මහාධිකරණයක් විසින් ඇය නිදහස් කරනු ලැබ ඇත.

සති කිහිපයක් ඇතුළත ජයලලිතා ජයරාම් මහඇමති ධුරයේ නැවත වැඩ භාර ගනු ඇති බවයි වාර්තාකරුවන් පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර