මානවීය අර්බුද විසඳාගන්න - බැන් කී මූන්

Image copyright EPA
Image caption වියට්නාමයේ සංචාරයක් අතර තුර දී ය මහ ලේකම්වරයා කලාපයේ රටවල රජයන් ගෙන් මෙසේ ඉල්ලා ඇත්තේ

දරිද්‍රතාවය සහ වද හිංසාවෙන් මිදීම සඳහා මුහුදු මාර්ගයෙන් පළා යන වැසියන් ගේ ජීවිත බේරා ගැනීම පිණිස මෙයට වඩා මැදිහත්ව කටයුතු කරන්නැයි එක්සත් ජාතීන් ගේ මහ ලේකම් බැන් කී මූන් ගිණි කොන දිග ආසියානු රටවල් වලින් ඉල්ලා තිබේ.

වියට්නාමයේ සංචාරයක් අතර තුර දී මහ ලේකම්වරයා කලාපයේ රටවල රජයන් ගෙන් ඉල්ලා සිටියේ මහ මුහුදේ අතරමං වී සිටින දහස් ගණනක් සංක්‍රමණිකයන් ගේ ජීවිත බේරා ගැනීම පළමු කොට කළ යුතුව තිබෙන නමුත් තම රටවල් හැර යාමට තුඩු දී ඇති රටවල් තුළ ඇති මානවීය අර්බුදයන් විසඳීමටත් කටයුතු කරන ලෙසයි.

පසුගිය සති දෙක තුළ දී පමණක් 3600 කට අධික සංක්‍රමණිකයන් පිරිසක් බංග්ලාදේශය සහ මියන්මාරයේ සිට ඉන්දුනීසියාවට, මැලේසියාවට සහ තායිලන්තයට පැමිණ තිබේ.

තවත් දහස් ගණනක පිරිසක් මුහුදේ අතරමං වී ඇති බවටයි සැලකෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර