ජයලලිතා යළිත් මහ ඇමති පුටුවට

Image copyright AFP
Image caption අධික ධනස්කන්ධයකට සහ දේපොළ වලට හිමිකම් තිබීමයි ඇය වරදකාරිය බවට තීරණය කිරීමට හේතු වූයේ

දුෂණ චෝදනා සියල්ලෙන් නිදොස් වී නිදහස් වීමෙන් සති දෙකක කාලයක් තුළ ඉන්දියාවේ වඩාත්ම බලසම්පන්න දේශපාලන නායිකාවක් දකුණු ඉන්දියානු තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනිය ලෙස යළි දිවුරුම් දුන්නාය.

සිනමා තාරකාවක් ව සිට දේශපාලනයට පැමිණි ජයලලිතා ජයරාම් ට මහ ඇමති පදවියෙන් ඉවත්වන ලෙස බල කෙරුණේ පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඉන්දියාවේ පහළ අධිකරණයක් මගින් අධික ධනස්කන්ධයකට සහ දේපොළ වලට හිමිකම් තිබීමට ඇය වරදකාරිය බව තීරණය කිරීමෙන් පසුවයි.

Image copyright BBC World Service

එහිදී වසර හතරක සිර දඬුවමක් සහ ඩොලර් මිලියන දහසයක දඩ මුදලක් ඇය ට නියම කෙරිණි.

කෙසේවුවද, ඉහළ අධිකරණය විසින් මේ මස මුල දී සියලු චෝදනා වලින් ඇය ව නිදහස් කරනු ලැබිණි.

ඇයට සහය පළකරන්නන් ගෙන් පිරී ගිය මදුරාසි විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී කොළ පැහැති සාරියකින් සැරසීගත් ඇය මහ ඇමතිනිය ලෙස දිවුරුම් දෙද්දී රැස්ව සිටි පිරිස සතුටින් ඔල්වරසන් දුන් බවයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර