නේපාලයේ ගංවතුර අවදානමක්

Image copyright Dhruba Sagar Sharma
Image caption ගංගාව පිහිටා තිබෙන ආකාරය දැක්වෙන ගුවනේ සිට ගත් ඡායාරූපයක්

කත්මණ්ඩු නුවරට වයඹ දෙසින් ජීවත් වන නේපාල වැසියන්ට හැකි ඉක්මනින් එම ප්‍රදේශ වලින් ඉවත්ව ආරක්ෂා සහිත පෙදෙස් වලට යන ලෙස බලධාරීන් අනතුරු අඟවා තිබේ.

පසුගිය සති කිහිපය තුල සිදු වූ භූමිකම්පා හේතුවෙන් හට ගත් නාය යාම් වලින් අවහිර වූ ගංගාවක් පිටාර ගැලීමේ අවදානමක් පවතින බවයි නේපාල බලධාරීන් පවසන්නේ.

කාලි ගන්ධාකී නම් මෙම ගංගාව පිටාර ගැලුවොත් ගංගා නිම්න ප්‍රදේශ යට කරමින් ගැන වතුර ගලනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

Image copyright Kamal Khatri Myagdi
Image caption නාය යාම් මගින් පස් කඳු කඩා වැටීමෙන් ගංගාවේ පහත ඉවුරු සිඳී ගොස් ඇති අකාරය

මේ වන විට දහස් ගණන් වැසියන් අනතුරුදායක පෙදෙස් අත්හැර සිය නිවෙස් වලින් පිටව ගොස් තිබේ.

නේපාලයේ මසකට පෙර හට ගත් දරුණු භූමිකම්පාවෙන් සක්‍රීය වූ නාය යාම් හේතුවෙන් පුද්ගලයන් අට දහසකට අධික ප්‍රමාණයක් මිය ගිය අතර බොහෝ දෙනෙකුට සිය ගම් බිම් අහිමි විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර