මැලේසියාවේ 'සංක්‍රමණික සුසානයක්'

Image copyright Getty
Image caption දේශ සීමාවෙන් එපිට තායිලන්තයෙන් මෙමස මුලදී මෙවැනිම මිනී වළවල් හමු විය.

තායිලන්ත දේශ සීමාව ආසන්නයේ හුදකලා වනාන්තර ප්‍රදේශවලින් මිනී වළවල් එකසිය හතළිහකට ආසන්න සංඛ්‍යාවක් සොයා ගත් බව මැලේසියානු පොලිසිය පවසයි.

මිනිස් ජාවාරම්කරුවන් විසින් ප්‍රවාහනය කරනු ලැබූ සංක්‍රමණිකයන්ට අයත් මළසිරුරු එම මිනී වළවල් තුළ ඇතැයි විශ්වාස කෙරේ.

මේ අතර, අතහැර දමනු ලැබූ කඳවුරු විසිහතරකට අධික ප්‍රමාණයක් බලධාරීන් විසින් සොයා ගනු ලැබ තිබේ.

Image copyright Getty
Image caption සිරුරු කොටස් බහාලූ පොලිතින් මළු රැගත් පොලිස් නිලධාරියෙක්

පොලිසිය කියා සිටියේ සොයා ගනු ලැබූ මිනී වළවල් තුළ කොපමණ මළසිරුරු ඇත්දැයි යන්න මේ දක්වා නිශ්චිතව කිව නොහැකි බවයි.

දේශ සීමාවෙන් එපිට තායිලන්තයෙන් මෙමස මුලදී මෙවැනිම මිනී වළවල් හමු විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර