වසරේ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩිකාව නයිජීරියාවෙන්

නයිජීරියානු ඉදිරි පෙළ පාපන්දු ක්‍රීඩිකාවක් වන අසිසට් ඔශාලා ප්‍රථම වරට බීබීසීය විසින් සංවිධානය කරනු ලැබූ වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩිකාව තේරීමේ තරගයෙන් ප්‍රථම ස්ථානයට හිමි කර දෙන කුසලානයට හිමි කම් කී ක්‍රීඩිකාව බවට පත් වීමට සමත් වී තිබේ.

විසි හැවිරිදි අසිසට් නයිජීරියාව වෙනුවෙන් පසුගිය වසන්ත කාලයේ කැනඩාවේ දී වයස අවුරුදු විස්සෙන් පහළ ලෝක පාපන්දු කුසලානය වෙනුවෙන් තරඟ වැදුණු අතර වැඩිම ගෝල ගණනක් රැස් කර ගනිමින් රත්තරන් පදක්කමක් හිමි කර ගත්තාය.

මේ වන විට ඇය බ්‍රිතාන්‍ය ලිවර්පුල් කාන්තා පාපන්දු ලීගය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියි.