රෝහින්ග්‍යා ජනයාට උදව් කරන්න - දලෙයි ලාමා

Image copyright AP

සිය රටේ වෙසෙන වාර්ගික රෝහින්ග්‍යා ජන කොටස්වලට උදව් කිරීම සඳහා තවදුරටත් ක්‍රියා කරන ලෙස ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලෙයි ලාමා නොබෙල් සාම ත්‍යාගලාභී ඕන් සාන් සූකී ගෙන් ඉල්ලා සිටියි.

ඕස්ට්‍රේලියානු පුවත් පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් දලෙයි ලාමා පැවසුවේ තමා මේ ප්‍රශ්නය ඕන් සාන් සූකී සමඟ අතීතයේ දී සාකච්ඡා කොට ඇති බවත් ඇයට ඒ සම්බන්ධයෙන් යමක් කළ හැකි බවට තමන් විශ්වාස කරන බවත්.

මියන්මාරයේ වැසියන් ලෙස පිළිනොගන්නා රෝහින්ග්‍යා ජනයා පිළිබඳව අදහස් පල නොකර සිටීම ගැන ඕන් සාන් සූකී ජාත්‍යන්තර වශයෙන් විවේචනයට ලක් විය.

Image copyright Getty

බෞද්ධ බහුතරයක් වෙසෙන මියන්මාරයේ රෝහින්ග්‍යා ප්‍රශ්නය ඉතාම සංවේදී මාතෘකාවක්.

එසේම මේ වසර අගදී එරට පැවැත්වෙන මහා මැතිවරණයට ඕන් සාන් සූකී ගේ පක්ෂයද තරඟ වැදෙයි.