ගුවන් යානයක් පැහැර ගත් වරදට තිදෙනෙකු පෝරකයට

Image copyright

පකිස්තානයේ මින් වසර දාහතකට පෙර ගුවන් යානයක් පැහැර ගැනීමේ චෝදනා වලට වරදකරුවන් වූ පුද්ගලයන් තුන් දෙනෙකු මරණ දඬුවමට යටත් කර තිබේ.

පකිස්තානයේ නගර දෙකක් අතර පියාසර කළ ගුවන් යානයක් ඉන්දියාවට බලහත්කාරයෙන් පියාසර කරවීමට ගත් උත්සාහය වළකනු ලැබූ අතර මෙම පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට පත් වී මසක් ඇතුළත අධිකරණ නඩු විභාගයකින් මරණ දඬුවම නියම විය.

තමන්ගේ ගම් පලාතට රජයෙන් යටිතල පහසුකම් ලබා ගැනීම සහ එම ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ න්‍යෂ්ටික අවි අත්හදාබැලීම් නැවැත්වීම සඳහා රජයට බල කිරීම ගුවන් යානය පැහැර ගැනීමේ අරමුණ වුවත්, එම උත්සාහය සාර්ථක වුයේ නැත.

ගුවන් යානය පැහැර ගැනීමට උත්සාහ කළ දිනට දින තුනකට පසු පකිස්තාන ආරක්ෂක අංශ විසින් එම ප්‍රදේශයේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් අරඹන ලදී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර