නේපාලය නැවතත් නැගී සිටින බවට පණිවුඩයක්

Image copyright AFP

නේපාලයේ භූමිකම්පාවෙන් දැඩි ලෙස හානි වූ පාසල් දහසක් පමණ ප්‍රතිසංස්කරණය කොට නැවත ආරම්භ කිරීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ.

කත්මණ්ඩු අගනුවර පිහිටා තිබූ පන්ති කාමර විසි පන්දහසකට අධික ප්‍රමාණයක් හතයි දශම අටක් ලෙස මාපකයේ සටහන් වූ දරුණු භුමි කම්පාවෙන් විනාශ විය.

Image copyright EPA

විනාශ වූ පාසල් බොහොමයක් නැවත ගොඩනගා තිබෙන්නේ උන බම්බු, ඉටි රෙදි, ලෑලි වැනි තාවකාලික ආදේශක භාවිතයෙනි.

නේපාල රජය පවසන්නේ රට නැවතත් නැගී සිටින බවට පණිවුඩයක් යැවීම ඉතා වැදගත් වන බවයි.

ඇති වූ භූමිකම්පාවෙන් පුද්ගලයන් අට දහසකට අධික ප්‍රමාණයක් මියගිය අතර දහස් ගණන් නේපාල වැසියයෝ අවතැන් වුහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර