ළමා දූෂකයාට දඬුවම 'සපත්තු පහර පහයි'

Image copyright Getty
Image caption වැඩිහිටි පුරුෂයින් මූලාසනය හොබවන උතුරු ඉන්දීය ගම්සභා විසින් දෙනු ලබන තීන්දු බොහෝ විට මතභේදයට ලක් වේ.

දැරියක් දූෂණය කළ බවට චෝදනා ලත් පුද්ගලයන්ට දඬුවම් ලෙස සපත්තු පහර ලබා දෙන ලෙස ගම් සභාවක් දුන් තීන්දුවක් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් පවත්වන බව ඉන්දීය පොලිසිය පවසයි.

පහළොස් හැවිරිදි දැරිය සමූහ දූෂණයට ලක්ව තිබෙන්නේ උතුරු ඉන්දීය හර්යානා ප්‍රාන්තයේදීයි.

දඬුවම් වශයෙන් ඩොලර් අටසීයකට ආසන්න දඩ මුදලක් සහ සපත්තු පහරවල් පහක් පමණක් නියම කිරීම අධිකරණය හාස්‍යයට ලක් කිරීමක් බව දැරියගේ පවුලේ ඥාතීහු පවසති.

වැඩිහිටි පුරුෂයින් මූලාසනය හොබවන උතුරු ඉන්දීය ගම්සභා විසින් දෙනු ලබන තීන්දු බොහෝ විට මතභේදයට ලක් වේ.

වර්තමානයේ සිදු වූ ස්ත්‍රී දූෂණ ගණනාවක් දැඩි අවධානයට ලක් වීමත් සමග ලිංගික ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ නීති තර කිරීමට ඉන්දීය ආණ්ඩුව ක්‍රියා කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර