පෙරලුනු චීන නැවෙන් පස් දෙනකු බේරා ගැනේ

Image copyright XINHUA
Image caption නෞකාව තුල තවත් පණ බේරාගත් පුද්ගලයන් සිටින්නේ දැයි බේරාගැනීමේ සේවකයෝ පරීක්ෂා කරමින් සිටිති

චීන ගංගාවක යාත්‍රා කරමින් තිබියදී කණපිට පෙරලුනු මගී ප්‍රවාහන නෞකාවක සිර වී සිටි තවත් තිදෙනකු බේරාගැනීමට සහන සේවකයෝ සමත් වූහ.

නෞකාවේ කොටසක බඳ කපා දැමීමෙන් අනතුරුවයි ඔවුන් බේරාගෙන තිබෙන්නේ.

නෞකාව තුල සිර වී සිටි දෙදෙනකු ඊට පෙරාතුව කිමිදුම්කරුවන් විසින් බේරා ගනු ලැබුණි.

ඒ මගීන් දෙදෙනා බේරා ගැනුනේ යැන්ගීස් ගංගාවේ යාත්‍රා කරමින් සිටි නෞකාව කුණාටුවකට හසු වී පෙරලී යාමෙන් පැය 15 කට පමණ පසුවයි.

නෞකාව තුල තවත් පණ බේරාගත් පුද්ගලයන් සිටින්නේ දැයි බේරාගැනීමේ සේවකයෝ පරීක්ෂා කරමින් සිටිති.

450 කට වැඩි මගීන් සහ කාර්ය මණ්ඩලයද සමඟ යාත්‍රා කිරීම ආරම්භ කොට විනාඩි ගණනාවක් ඇතුලත The Eastern Star නෞකාව පෙරලී ගිය බවයි විශ්වාස කෙරෙන්නේ.

නෞකාවේ කපිතාන්වරයා ගංගාවේ පාවෙමින් සිටිනු දුටු වෙනත් බෝට්ටුවක කාර්ය මණ්ඩලය ඒ බව වාර්තා කිරීමෙන් අනතුරුවයි අනතුර පිළිබඳව සැලවී තිබෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර